fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ ආරාධනය ඉරානය ප්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 11:47

ඇමෙරිකාවේ ආරාධනය ඉරානය ප්‍රතික්ෂේප කරයි

නව ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් ඉරානය වෙත සාකච්ඡා සඳහා කළ ආරධනාව එරට ජනාධිපති හස්සන් රවුහානි විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉරාන වැසියන් අතර මතවාදී ගැටුමක් ඇතිකර ඉන් ඉරානය බෙදා වෙන් කිරීමට ඇමෙරිකාව සූදානම් වන බවයි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. ඉරාන ඛණිජ තෙල් වෙළදාම ඉලක්ක කර ගනිමින් ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙම සම්බාධක පනවා තිබෙනවා. මෙම නව සම්බාධක වෙත යුරෝපා සංගමය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉතාලියේ බොලොන්යා නගරයේ බවුසර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් විශාල ගින්නක් සමග පිපිරීමක් සිදු වී තිබෙනවා. පොලීසිය නිකුත් කළ වීඩියෝ දර්ශන වලට අනුව මාර්ගයේ පාලමක් මත වාහන තදබදයකදීයී ලොරි රථය බවුසර් රථයේ  ගැටී තිබෙන්නේ. අනතුරුව ගින්නක් හට ගෙන ඇති අතර පිපිරීමක්ද සිදුව තිබෙනවා. ඒ සමගම පාලමේ කොටසක්ද  කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරින් පුද්ගලයින්  දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පුද්ගලයින් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ද සදහන්. පිපිරීම හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ තවත් මෝටර් රථ කිහිපයක්ද පිපිරීමට ලක් වී ඇති බව එරට වාර්තා සදහන් කරනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo