fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආපදාවට පත් තිහගොඩ ජනතාවට කෝටි පහකට අධික වන්දි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 10:36

ආපදාවට පත් තිහගොඩ ජනතාවට කෝටි පහකට අධික වන්දි

පසුගිය වසරේ ගංවතුරෙන් ආපදාවට පත් මාතර තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා රුපියල් පන්කෝටි පනස් හය ලක්‍ෂයක වන්දි මුදල් ප්‍රදානය කෙරුණා. මෙතරම් වන්දියක් ඉතිහාසයේ කිසිදු රජයක් ලබාදුන්නේ නැති බවයි වන්දිලාභීන් ප්‍රකාශ කළේ.

ගංවතුර හේතුවෙන් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් එක්දහස් හාරසිය දහයකට බලපෑම් එල්ල වුණා. ඔවුන් සඳහා වන්දි මුදල් ප්‍රදානය තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණා. ඒ කඹුරුපිටිය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක / දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවලට ද වන්දි ප්‍රදානය කිරීමට නියමිතයි. වන්දි පිරිනැමීම සම්බන්ධයෙන් ජනතාව රජයට ප්‍රසාදය පළ කළා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්