වොලිබෝල් සම්මේලනයෙන් ක්‍රීඩිකාවන් තේරීමේ පරික්ෂණයක්
Related Articles
දකුණු ආසියා ක්‍රිඩා උළෙලේ වොලිබෝල් ජාතික සංචිතයට ක්‍රීඩිකාවන් තේරීම සදහා පරික්ෂණයක් පැවැත්වීමට ජාතික වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා වොලිබෝල් තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් තේරීමේ පරික්ෂණය ලබන දහ වනදා පැවැත්වීමට ජාතික වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ ක්‍රීඩා අමාත්‍යාංශ, ටොරින්ටන් ගෘහස්ත ක්‍රීඩා පිටියේ දීයි. මෙම පරික්ෂණය සදහා ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන ක්‍රීඩිකාවන් එදින උදෑසන අටට ක්‍රිඩාංගනයට වාර්තා කරන ලෙසයි ජාතික වොලිබෝල් සම්මේලනය ඉල්ලා සිටින්නේ.