වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකදී රෝගාතුරවීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ මරණවලට හේතුව විෂ ශරීරගත වීමක් විය හැකි බව පානදුර රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකරිවරයා පවසනවා. සිරුරේ කොටස් රජයේ රස පරික්ෂක වෙත යවා ඇති බව ද ඒ මහතා සඳහන් කරනවා.
වාද්දූව හෝටලයක සාදයක් අතරතුර පුද්ගලයන් හතරදෙනෙකු හදිසියේ රෝගාතුර වී පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් මිය ගියා. මෙම සාදයට පුද්ගලයන් 1500 දෙනෙකු පමණ සහභාගී වී සිටි බව සඳහන්. ඔවුන් අන්තර්ජාලය ඔස්සේ හදුනාගත් පිරිසක් බවයි වාර්තා වන්නේ. කඩුවෙල ප්‍රදේශයේ ආයතනයක් සාදය සංවිධාන කර තිබුනා. වාද්දුව පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
මේ අතර සිද්ධියෙන් මිය ගිය මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි විදුරංග දේශාන් යන අයගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.