පුත්තලම විලුක ගම්මානයේ නිවෙස් කිහිපයකට එල්ල වූ ගල් ප්රහාරයක් නිසා ප්රදේශයේ ජනතාව තරමක භීතියට පත්වෙලා සිටියා. කෙසේ වෙතත් අද වන විට ගල් ප්රහාර එල්ල කළේ කවු ද කියලා හරියටම සොයාගෙන.පුත්තලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විලුක ගම්මානයේ ගල්වෙම්බුව ප්රදේශයේ නිවෙස් කිහිපයකටයි මෙලෙස ගල් ප්රහාර එල්ල වුණේ. පසුගිය දින දෙකේදීම රාත්රියේ හා දහවල් කාලයේදීත් මෙලෙස ගල් ප්රහාර එල්ල වූ බව එම නිවැසියන් පවසනවා.
ප්රදේශවාසීන්,
[ot-video type=”youtube” url=”https://youtu.be/ygp3xEmNyAo”]
ගල් ප්රහාර එල්ල කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳ හෙළිකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්රදේශවාසීන් යම් තැති ගැනීමකට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් ගල් ප්රහාරයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ හෙළිකර ගැනීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා. සිද්ධිය පිළිබඳ හෙළිකර ගැනීම සඳහා ප්රදේශයේ තරුණයෙකු ගසක් මතට නැග සැගවී සිට ඇති අතර ඔහු ජංගම දුරකථනයෙන් ඒ අවට දර්ශන පටිගත කර තිබෙනවා. එම ප්රදේශයේම කාන්තාවක ගල් ගැසීම සිදුකරන අයුරු ඔහුගේ දුරකථනයේ සටහන්ව තිබුණේ මේ අයුරින්.