1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පන්දුවාර විස්සයි විස්ස මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ එකඟතා ගිවිසුමකට එළඹීම කොළඹදී සිදුවුණා. කණ්ඩායම් 16 ක් එක්වන තරගාවලිය ලබන මාසයේ සිට කොළඹ ක්‍රීඩාංගන කිහිපයකදී පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා.
තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරගය දිවාරාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. තරගාවලියේ උපදේශක ලෙස කටයුතු කරන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. තාත්තට ආදරෙයි යන තේමාව යටතේ පැවැත්වෙන තරගාවලියට එක්විය හැක්කේ පියවරුන්ට පමණක්වීමද විශේෂත්වයක්.