96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ජාතික වාර්තා 04 ක් සමගින් නව තරගාවලි වාර්තා 11 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. දින තුනක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්සිය පනස් දෙදෙනෙකු එක්ව සිටියා. ඔවුන් ඉසව් 36 ක් යටතේයි තරග බිමට පිවිසියේ.
තරගාවලියේ ඩන්කන් වයිට් අභියෝගතා කුසලානය දිනාගැනීමට අසංක ඉන්ද්‍රජිත් සමත් වුණා. දිසානායක අභියෝග කුසාලානය දිනාගත්තේ සම්පත් රණසිංහයි. ප්‍රසාද් විමලසිරි ක්‍රීඩකයා එන් එම් වාසගම් අභියෝග කුසලානය හිමිකරගත්තා. චන්දි කන්නංගර අනුස්මරණ කුසලානය දිනාගත්තේ නදීෂා රාමනායක ක්‍රීඩිකාවයි.