විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිදු කෙරෙන නවක වදය හා අනෙකුත් ප්රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගණනාවක් ගෙන ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නවක වදයට භාජනය වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරිමට හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.
නවක වද සිද්ධීයක් වු වහා ම ඒ පිළිබඳව පැය 24 පුරාම පවත්වා ගෙන යන 011-2123700 දරණ හදිසි දුරකතන වහාම දැනුම් දිය යුතු අතර ඒ ගැන විශ්වවිද්‍යාල බලධාරින් ද දැනුම්වත් කොට අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයටද පැමිණිලි කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමහිෂන් සභාව සිසුන්ගේ ඉල්ලා සිටී.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිහිටුවා ඇති විශේෂ කාර්යාලය රජයේ නිවාඩු දින හැර අන් දින වල පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පවතී.
නවක වද ක්‍රියාකාරකම් සම්බන්ධව 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය හා අනෙකුත් ප්රචණ්ඩ ක්‍රියා තහනම් කිරිමේ පනත බල පැවැත්වේ. ඒ පනත යටතේ චෝදනා ලබන අයට ඇප ලබා ගැනිමට නොහැකි වන අතර අධිකරණයක දි වරදකරු වුවහොත් වසර 10 ක කාලයක් දක්වා බරපතල වැඩ ඇතිව සිරදඩුවමකට යටත් කෙරේ.
ඒසේම විශ්ව විද්‍යාලය හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන තම දරු දැරියන් ගේ හැසිරිම් හා ක්‍රියාකාරම් පිළිබඳ සුපරික්ෂාකාරීව සිටින ලෙස ද ප්‍රතිපාදන කොමිෂන් සභාව අමාත්‍යාංශය එම සිසුන්ගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.