රිය අනතුරකින් ආබාධිත වූ දෙමව්පියන් රැකබලා ගන්නා පුතෙකු පිළිබඳ ප්‍රවෘත්තියක් අප පසුගියදා වාර්තා කළා. ඒත් සමග එම පවුලට උපකාර කිරීමට බොහෝ පිරිසක් දැනටමත් ඉදිරිපත්ව සිටිනවා.
ඇල්පිටිය , කුරුඳුගහ ප්‍රදේශයේ මෙම පවුල දොඩම්බීම අලෙවි කිරීමෙන් ජීවිතය ගැටගසා ගත්තා. ඒ සඳහා අයිස් රැගෙන ඒමට අම්බලන්ගොඩට ගිය අවස්ථාවේදී අනතුරකට ලක්වීමෙන් මෙම දෙමව්පියන් ආබාධිත තත්ත්වයට පත්වුණා. මෙම සියලු විස්තර අප ප්රවෘත්ති තුළින් විකාශය කිරීමත් සමග එම පවුල පිළිබඳ බොහෝ දෙනෙකු සොයාබැලුවා. ඒ අනුව නව නිවසක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊට අවශ්‍ය ඉඩම ලබාදීමට ක්‍රියා කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=N6sfUawMKMM&feature=youtu.be”]
මෙම පවුල පිළිබඳ සොයාබැලූ පූජ්‍ය වැලිතර අමරානන්ද ස්වාමීන් වහන්සේ අසරණ පවුල වෙනුවෙන් නිවස ඉදිකිරීමේ කටයුතු සම්පූර්ණ කිරීමට මැදිහත් වුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ZxT6cmhmeIs&feature=youtu.be”]