fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගය ඇරඹේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2018 08:44

උසස් පෙළ විභාගය ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය අද උදෑසන ආරම්භ වුණා. මෙවර විභාගය සදහා අපේක්ෂකයින් 321469 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

මධ්‍යස්ථාන 2268කදී උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක් පිහිටුවා තිබෙනවා. උසස්පෙළ විභාගය සැප්තැම්බර් පළමුවනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව  නිවේදනය  කළේ. විභාග අපේක්ෂකයින්ට අධි තාක්ෂණික අත් ඔරලෝසු , ජංගම දුරකතන විභාග මධ්‍යස්ථාන තුළට රැගෙන යාම තහනම්කර තිබෙනවා. ජංගම දුරකතන මගින් සිදුවන විභාග වංචා නතර කිරීම සදහා විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කිරීමට කටයුතු කර ඇති බවයි විභාග කොමසාරිස්වරයා සදහන් කරන්නේ.  විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කෙරෙන අතර වැරදිකරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

විභාගයේ දී කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදුවන්නේ නම් විභාග දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් දූරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංශය- 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව- 0112784208/0112784537/0113188350/0113140314

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2018 08:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්