තිරසර ජාතික කථිකාව එළිදැක්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට කොළඹදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා පැවසුවේ සමාජයේ සෑම කණ්ඩායමකම මෙම ලියවිල අධ්‍යයනය කර යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට ආරාධනය කරන බවයි.
2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ ප්‍රකාශයකට අනුව හා 2017 වසරේදී එම සංවිධානය සමග ඇති කරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තිරසර ජාතික කථිකාව හෙටින් ආරම්භ වනවා. ජනාධිපතිතුමා තිරසර සංවර්ධන පනත ඉදිරිපත් කරමින් තිරසර සංවර්ධන සභාව ස්ථාපිත කළේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහායි. එහිදී තිරසර සංවර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශයක්ද ආරම්භ කළා. මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ රාමුවක් සකස් කර ගැනීම සදහා නොබෙල් ත්‍යාග ලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් කමිටුවක් පිහිටුවනු ලැබුවා. හෙට එළිදැක්වීමට නියමිතව ඇත්තේ එම තිරසාර සංවර්ධන දැක්ම සහ උපාය මාර්ග වැඩපිළිවෙලයි. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ලේකම්වරයා පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමෙන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=dUtU1qYT1eY&feature=youtu.be”]
මෙම කමිටු වාර්තාව ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක් ඔස්සේ කරුණු යෝජනා කර තිබෙනවා. ඒ අනුව ආර්ථික තිරසර භාවය ඇති කිරීම , සමාජීය තිරසර භාවය ඇති කිරීම සහ පාරිසරික තිරසර භාවය ඇති කිරීම යන කරුණු ඔස්සේ පවතින ගැටළු සාකච්ඡා කෙරනවා.