පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් 215% කින් වැඩිකිරීමට රජය තීරණයකර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විරෝධය දක්වනවා. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පැවති උත්සවයකදී අවධාරණය කළේ මැති ඇමති වැටුප් කිසි සේත් ඉහළ දැමීමට අනුමැතිය නොදෙන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=yG9hZaXVsR4&feature=youtu.be”]
වැටුප් වැඩිවීම පිළිබද පළවන වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=FFN6EsGSFcI&feature=youtu.be”]
කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප වැඩිකිරීම සදහා වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත්කර එම වැටුප් වැඩිකිරීම සිදුකළ යුතු බවටත් එම වැටුප් වැඩිවීම වෙනත් කිසිදු ක්ෂේත්රයකට බල නොපැවැත්විය යුතු බවටත් කොන්දේසියක් ඉදිරිපත් කරමින්.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=bUwTxg7_DUg”]