ගල්ෆ් කලාපය තුළ පසුගිය දින කිහිපය තුළදී යුද අභ්‍යාස රැසක් සිදු කළ බව ඉරානයේ විප්ලවීය හමුදා කන්ඩය නිවේදනය කරනවා.
සතුරන්ගෙන් එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස සිදු කරන බවයි විප්ලවීය හමුදාව සදහන් කොට ඇත්තේ. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඉරානය සිය ආරක්ෂක අංශ දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ලෝකයේ ඛනිජ තෙල් ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන කලාපයක් වන හෝමෝස් සමුද්‍ර සන්දිය අවහිර කරන බවටද ඉරාන විප්ලවීය බලඇණිය තර්ජණය කර තිබුණා.