මයිලෝ කුසලාන ශ්‍රී ලංකා පාසල් ජාතික නෙට් බෝල් තරගාවලිය මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේදී ඊයේ (04) නිමා වුණා. මෙවර සමස්ත ශූරතාව දිනා ගත්තේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලයි. දින තුනක් පුරා කණ්ඩායම් හත්සිය අසූවක් තරගාවලියට සහභාගී වුණා. දහතුනෙන් පහළ, පහළොවෙන් පහළ, දාහතෙන් පහළ සහ දහ නවයෙන් පහළ වයස් කාණ්ඩ යටතේයි තරග පැවැත්වුණේ. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අතින් ත්‍යාග හා කුසලාන ප්රදානය කෙරුණා.