fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි පහරදීමෙන් ශිෂ්‍යත්වයට ගිය දරුවකු රෝහලට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2018 11:47

වන අලි පහරදීමෙන් ශිෂ්‍යත්වයට ගිය දරුවකු රෝහලට

ශිෂ්‍යත්ව කඩඉමට  සාර්ථකව මුහුණ දීමට සිසු දරු දැරියන් බලාපොරොත්තු සහගතව තම පාසැල් වෙත පැමිණෙන ආකාරය අද (05) උදෑසන දැකගත හැකි වුණා. එහෙත් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ දුන් අවාසනාවන්ත සිද්ධීන් කිහිපයක්ද අපට වාර්තා වුණා.

මහියංගනය සොරබොර ජනපදයේ මෝදරපිටිය ප්‍රදේශයේ දැරියක්  අද(05)  උදෑසන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පාසල වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේදී වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම දැරිය මහියංගන මූලික රෝහලට ඇතුළත් කෙරුණා. සිය මව සමග පා පැදියෙන් පාසල වෙත යමින් සිටියදී ඇය මෙම ප්‍රහාරයට ලක් වුණේ. කෙසේ වෙතත් මෙම දැරියට විභාගය සදහා පෙනී සිටීමට විශේෂ අවස්ථාවක් ලබා දී තිබූණා. රෝහලට ආසන්න මහියංගන ජාතික පාසලේදී ඇය විභාගය සදහා පෙනී සිට තිබෙනවා. එම දැරිය යළි රෝහල් ගත කර අතර  ඇය තවමත් කම්පන තත්වයෙන් සිටින බව රෝහල් වාර්තා සදහන් කළා.

මේ අතර ශිෂ්‍යත්ව  විභාගය සදහා පෙනී සිටින දරුවන්ට ආශිර්වාද කිරීමේ පිංකමක් පදවිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී ඊයේ (04) පැවැත්වුණා. එම විහාරස්ථානයේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පිංකමට සහභාගී වී සිටි දරුවන් හතළිස් පස් දෙනෙකු තුවාල ලබා පදවිය මූලික රෝහලට ඇතුළත් කළා. විභාගය සදහා පෙනී සිටීමේ අවශ්‍යතාවය නිසාම ඔවුන් ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි රෝහල් වාර්තා සදහන් කළේ. විහාරස්ථානයේ සිටි දෙසීය දෙනෙකු පමණ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබුවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2018 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්