fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අම‍ෙරිකාවේ අඳුරු මනස එළියට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 16:20

අම‍ෙරිකාවේ අඳුරු මනස එළියට

අමෙරිකාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන Jennifer Yuh Nelsonගේ නවතම සිනමාපටය වන THE DARKEST MINDS සිනමාපටය තිරගතවීම අරම්භ වුණා. කුංෆු පැංඩා 2 සහ කුංෆු පැංඩා 3 නිර්මාණය කරමින් ජනතා ආකර්ෂණය දිනාගත් Jennifer ගේ  THE DARKEST MINDS සිනමාපටයට ද ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිවෙනු ඇතැයි විචාරකයන් ප්‍රකාශ කරනවා.

අනාගතයේ දී අම‍ෙරිකාවේ ඇතිවෙන වසංගත රෝගයක් පිළිබඳ කතා පුවතක් මෙම සිනමාපටය පුරා විහිදී යයි. එම රෝගී තත්ත්වය සමස්ත අමෙරිකානු ජන ජීවිතය අඳුරට පත්කරනවා. මෙම රෝගයෙන් වැඩිම බලපෑම ඇති වන්නේ වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙතයි. එම දරුවන්ගෙන් 98%ක් ම මිය යනවා. නමුත් ඉතිරි දරුවන් 2%ට පුදුම සහගත මායා බලයක් හිමිවනවා. මොකක්ද මේ මායා බලය? මේ මායා බලයට අමෙරිකාව ගිළගත් ඒ වසංගත රෝගී තත්ත්වයෙන් අමෙරිකාව ගළවාගන්න හැකිවෙයිද? මේ සියල්ලටම THE DARKEST MINDS චිත්‍රපටය පිළිතුරු සපයනවා

THE DARKEST MINDSට පාදක වන්නේ Alexandra Brackenගේ THE DARKEST MINDS නවකතාව යි. Shawn Levy, Dan Levine මෙම සිනමාපටයට නිෂ්පාදන දායකත්වය සපයනවා . Bradley Whitford ,Amandla Stenberg, Mandy Moore Gwendoline Christie…ඇතුළු ප්‍රකට රංගන ශිල්පීන් රැසකගේ රංගන දායකත්වයෙන් හැඩවුණු THE DARKEST MINDS සිනමාපටය ලොව පුරා සිනමා ලෝලීන්ගේ නොමඳ රසාස්වාදයකට ලක්වන්නක් බවයි එරට මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 16:20

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්