fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය දෙසැම්බර් 07

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 18:34

ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය දෙසැම්බර් 07

දෙසැම්බර් හත්වනදා ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය ලෙස නම්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. නිදහස් අධ්‍යාපනය අපේ රටට හඳුන්වාදීමෙන් පසු එම ක්ෂේත්‍රයට අදාළව ඉතිහාසගතවන සිදුවීමක් වාර්තා වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මස පළමුවනදා. ඒ ලක්ෂ 45 ක් පමණ වූ අපේ රටේ පාසල් දරු දැරියන් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ගිහි පැවිදි සිසුන් සදහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වාදීමයි. එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට යමින් පසුගිය ජුලි මස 30 වනදා සුරක්ෂා විශේෂ අරමුදලට අදාල ගිවිසුමට අත්සන් තැබීම සිදුවුණා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ දායකත්වයෙන් මෙම අරමුදල පිහිටුවා තිබෙනවා. සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් එතෙක් පැවතියේ රුපියල් ලක්ෂ දෙකක සීමාවක් පමණයි. එහෙත් එම සීමාව ඉක්මවා යන අවස්ථාවලදී දරුවන්ට පිහිටවීම සඳහායි සුරක්ෂා විශේෂ අරමුදල ආරම්භ කෙරුණේ. මූලික අදියරේදී මෙම අරමුදලේ රුපියල් මිලියන 100 ක් තැන්පත්කර තිබුණා. තවත් රුපියල් මිලියන 400 ක මුදලක් ඒ සදහා බැර කිරීමට රක්ෂණ සංස්ථාව එකඟත්වය පළකළා.

මෙම රක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව දෘෂ්‍යාබාධ වෙනුවෙන් අවශ්‍ය උපකරණ මිලදී ගැනීමේදී ප්‍රතිපාදන ලබාදීම ද සිදුවනවා. මෙම රක්ෂණාවරණය මෙරට දරු පරපුරට මෙන්ම දරුවන්ගේ දෙමව්පියන්ට ද මහඟු අවස්ථාවක්.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

දෙමව්පියන් පමණක් නොව පූජ්‍ය පක්ෂය, සිවිල් සංවිධාන හා පොදු මහජනතාවද සුරක්ෂා රක්ෂණාවරණය බෙහෙවින් අගයකරන්නේ එය අපේ රටේ දරුවන්ට ලැබුණු අනර්ඝතම දායාදයක් වන නිසයි.

ආචාර්ය පූජ්‍ය බඳගිරියේ සෝමවංශ ස්වාමීන් වහන්සේ – අධ්‍යක්ෂ – ජාතික ළමා අධ්‍යාපන පදනම,

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 18:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්