fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බින්ලාඩන් ගැන පුදුම කථාවක් අම්මාගෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 13:50

බින්ලාඩන් ගැන පුදුම කථාවක් අම්මාගෙන්

ඝාතනයට ලක් වූ අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගේ මව ඔහු පිළිබද බ්‍රිතාන්‍ය පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා. ඔසාමා බින්ලාඩන් ඝාතනය කෙරුණේ 2011 වසරේදීයී. ඔහුගේ මව වන 70 හැවිරිදි  ආලියා ගනේම් ද ගාඩියන් පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ තම පුතණුවන් බියගුලු චරිතයක් බවයි. විශ්ව විද්‍යාලයේදී ඔහු ඇතැම් අවස්ථාවල ක්‍රියා කළේ  අදහස් විකෘති වූ  අයෙකු ලෙස බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර  බින්ලාඩන් අවසන් වරට දුටුවේ 1999 වසරේ දී  බව ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කර තිබෙනවා. ඉන්  වසර 02කට පසුවයි ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය ප්‍රහාර එල්ල කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2018 13:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්