ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීම සදහා පාරට ආ ඒකාබද්ධ විපක්ෂයට එහි අභ්‍යන්තර පිපිරීම වසාගැනීමට මහත් උත්සාහයක් දැරීමට සිදුවූ බව දේශපාලන වාර්තා පෙන්වා දෙනවා.
ඒකාබද්ධ විපක්ෂය කොළඹ දී ඊයේ (02) පැවැත්වූ විරෝධතා රැළිය ඔවුන්ට සම්බන්ධ කොමියුනිස්ට් පක්ෂය වර්ජනය කළා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා මේ සම්බන්ධයෙන් පුවත්පතකට ප්‍රකාශයක් කරමින් කියාසිටින්නේ ඒකාබද්ධ විපක්ෂයට පොදු අරමුණක් නැති බවයි. ඒ අනුව තම පක්ෂයට එකඟවිය නොහැකි ජාතිවාදී අදහස් මෙහිදී ප්‍රකාශ වුවහොත් ගැටලු මතුවන බැවින් රැළිය වර්ජනය කරන බවද ඔහු කියාසිටිනවා. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් ද මෙම රැළියට එක්වූයේ නැහැ. මේ අතර රැළියට සහභාගි වූ ඒකාබද්ධයේ පිරිස අතර පවත්නා ගැටුමද මෙහිදී හොදින් ප්‍රදර්ශනය කෙරුණා. බැසිල් රාජපක්ෂ මහතාට සහාය දක්වන කණ්ඩායම මෙම රැළියට සහභාගි නොවීම ඊට මනා උදාහරණයක්. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස සංවිධාන කළ මෙම රැළියට අනෙක් රාජපක්ෂවරුන්ට සහාය දක්වන අය එක් නොවීම කැපීපෙනුනා. ගැටුමේ එක් පාර්ශ්වයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද රැළිය මගහැර සිටියා. ජාතිවාදය මතින් දේශපාලනයේ නිරතවන පිරිසගේ මූලිකත්වයෙනුයි රැළිය පැවැත්වුණේ. මෙවැනි තත්ත්වයක් යටතේ සැලකිය යුතු පිරිසක් මෙයට සහභාගි නොවීම කැපී පෙනෙනවා. ඒකාබද්ධ විපක්ෂය ගෙනයන අවලාද හා මඩ දේශපාලනය දැන් ජනතාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඒ අනුව දැකගත හැකි බවයි දේශපාලන වාර්තා පෙන්වා දෙන්නේ.