fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 15:06

කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා දෙවන ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ කේවල ශූරතාව දිනාගැනීමට පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් සකිබ් සමත්වුණා. කණ්ඩායම් ශූරතාව දිනාගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි.

කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේ දින දෙකක් පුරා පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116 දෙනෙකු එක්ව සිටියා. ඒ කාණ්ඩ හතරක් යටතේයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්තානය, මැලේසියාව සහ තායිලන්තය නියෝජනය කරමිනුයි ඔවුන් එක්ව සිටියේ. තරගාවලියේ කේවල ශූරතාව පාකිස්තානය දිනාගනිද්දී එහි අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ විනෝද් වීරසිංහ සමත්වුණා. තුන්වන ස්ථානයද හිමිවූයේ ශ්‍රී ලංකාවටයි. මේ අනුව තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට හිමිවූ අතර අනුශූරතාව දිනාගත්තේ පාකිස්තානයයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 15:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්