fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තහනම් උත්තේජක ගැන ක්‍රීඩා පුහුණුකරුවන් දැනුවත් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 14:59

තහනම් උත්තේජක ගැන ක්‍රීඩා පුහුණුකරුවන් දැනුවත් කෙරේ

ක්‍රීඩාව සම්බන්ධ විද්‍යාත්මක දැණුම වැඩිදියුණු කිරීමේ හා තහනම් උත්තේජක පිළිබද මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේදී පැවැත්වුණා.

මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය වැඩමුළුව සංවිධානකර තිබුණා. පුහුණුකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් මේ සදහා එක්ව සිටියා. එහිදී පුහුණුකරුවන්ට න්‍යායාත්මක දැණුම ලබාදීම සිදුවුණා. ජාතික උත්තේජක මර්දන නිවාරණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම හා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ , වෛද්‍ය ලාල් ඒකනායක යන මහත්වරුන් එහිදී දේශන පැවැත්වූවා. මාතර දිස්ත්‍රික්කයේ ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් ද වැඩමුළුවට සහභාගි වුණා. වැඩමුළුවට අනුග්‍රාහකත්වය දැක්වූයේ ජාතික උත්තේජක මර්දන නිවාරණ ආයතනයයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 14:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්