අම්පාරේ දැඩි සුළගින් සිදුවූ හානි වෙනුවෙන් කඩිනම් සහන
Related Articles
අම්පාර ප්‍රදේශයේ හමාගිය සුළි කුණාටුවක් හේතුවෙන් නිවාස 217 කට පමණ අලාභ හානි සිදුවී තිබෙනවා. ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට අවශ්‍ය තක්සේරු කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අම්පාර ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හරහා ඊයේ පස්වරුවේ දැඩි සුළං තත්ත්වයක් හටගත්තා. විනාඩි දහයකට ආසන්න කාලයක් පුරා සුළි කුණාටුව පැවති බව ප්‍රදේශවාසීන් පවසනවා. නිවාස පනහකට අධික සංඛ්‍යාවකට පූර්ණ හානි සිදුව තිබෙනවා. රජවැව , තිස්සපුර , නවගම්පුර , සමන්තුරේ , වලතාපිටිය ගම්මානවල වැසියන් මෙයින් දැඩි අපහසුතාවට පත්වුණා. හානියට පත් නිවාස හිමියන් සදහා අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් කඩිනම් සහන සැලසීමට කටයුතු කරන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.
ප්‍රදීප් කොඩිප්පිලි – නියෝජ්‍ය අධ්යක්ෂ – ආපදා කළමනාකරන මධ්‍යස්ථානය,