fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු තරගයේදීම නව ජාතික වාර්තාවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 09:55

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු තරගයේදීම නව ජාතික වාර්තාවක්

96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ කරමින් පැවැත්වූ පළමු තරගයේදීම නව ජාතික වාර්තාවක් පිහිටුවීමට නිලානි රත්නායක සමත්වුණා.

කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්සිය පනස් දෙදෙනෙකු එක්වීමට නියමිතයි. ඒ ඉසව් 36 ක් නියෝජනය කරමින්. තරගාවලිය ආරම්භ කරමින් අද උදෑසන පැවති පළමු ඉසව්ව වූ මීටර් තුන්දහස බාධක දිවීම කාන්තා තරගයේදී නව ජාතික වාර්තාවක් බිහිකිරීමට නිලානි රත්නායක ක්‍රීඩිකාව සමත් වුණා. එහිදී ඇය තරගය නිම කිරීමට ගත කළ කාලය විනාඩි නවයයි තත්ත්පර හතලිස් හයයි දශම හතයි අටක්. මේ වනවිට තරගාවලියේ අනෙකුත් ඉසව් පැවැත්වෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 09:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්