13 වන ලෝක චායා වෙඩි තැබීමේ තරගාවලියේදී රන් පදක්කමක් ඇතුළු පදක්කම් 07 ක් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සවස දිවයිනට පැමිණියා. පින්ලන්තයේ පැවති තරගාවලියට රටවල් 16 ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටියා. ඕස්ට්‍රේලියා හා ප්‍රංශ කණ්ඩායම් ද ඒ අතර වනවා. තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී පදක්කම් පහක් සමගින් එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා. මෙම කණ්ඩායම ඊයේ (01) සවස කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි අවස්ථාවේ ඔවුන් පිලිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.