කේරල ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප්රකාශ කළා. සැකකරු අත්අඩංගුවට ගත්තේ මන්නාරම ඕලුතුඩුවායි මුහුදු තීරයේදී. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව සිදුකළ වැටලීමකදී. මන්නාරමේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරල ගංජා කිලෝග්රෑම් සියයකට වැඩි ප්රමාණයක් ගෝනි 4 ක සඟවා තිබියදී සොයාගත් බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.