fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2018 12:30

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව ක්‍රිකට් ක්‍රීඩාංගණය අද (02) පෙරවරුවේ ජනාධිපතිි ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් ක්‍රීඩාවට නැංවෙන පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80.6 ක වියදමින් මෙම කි්‍රඩාංගණය පොළොන්නරුව රාජකීය විද්‍යාලය වෙත ලබාදී ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව නගරයෙන් ගමට ගෙන ඒමේ මුල් පියවර තබමින් ඉදිකෙරුණු මෙම කි්‍රඩාංගණය නගරයේ දරුවන්ට හිමිව ඇති වරප්‍රසාදයක් වන ක්‍රිකට් ක්‍රීඩාව , ගමේ දරුවන්ගේ ද වරප්‍රසාදයක් වනු දැකීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.

අතීතයේ රාජකීය විද්‍යාලයීය දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවවෙන් දස්කම් පෑ අතර, ඉදිරියේදී ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කි්‍රඩකයින් බිහිකරන තෝතැන්නක් බවට මෙම ක්‍රීඩාංගණය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ජාතික ශිෂ්‍යභට බලකායේ උත්තමාචාරය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

සෙවණපිටිය මහා විද්‍යාලය ඇතුළු දිස්ත්‍රික්කයේ පාසල් 04 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.රාජකීය සිසු දරුවන් විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පෙරුම, තිලංග සුමතිපාල යන මහත්වරුන් සහ විදුහල්පති අයි.කේ.කේ රවීලාල් විජේවංශ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර පොළොන්නරුව නගරයේ ඉදිකෙරුණු ඇවිදින මංතීරුව අද උදෑසන ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. රට, දැය සමයෙහි අනාගත අභිවෘද්ධිය හා ස්ථාවරත්වය උදෙසා නිරෝගීමත් මානව සම්පතක් තිළිණ කිරීමේ උදාර අරමුණ පෙරදැරිව පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 5.52 ක වියදමින් මෙය ඉදිකර තිබේ.

ඇවිදින මංතීරුව ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතා බහක ද නිරත විය.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2018 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්