පසුගිය කාලය තුළ දිවයිනේ පළාත් කිහිපයකට පමණක් සීමා වූ සංවර්ධනය හේතුවෙන් ඇතිවූ සංවර්ධනයේ විෂමතාවය දුරලමින් සමබර සංවර්ධනයක් රටටම ලබාදීමට පුළුල් වැඩපිළිවෙළක් අරඹන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ —පිබිදෙමු පොළොන්නරුව˜ ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකළ සංවර්ධන වැඩසටහන් 180 ක් ජනතා අයිතියට පවරාදීමේ ඓතිහාසික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු ක්‍රියාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6,000 කි. එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මේ දක්වා රජයක් වෙන් කර ඇති දැවැන්තම මුදල වේ. එමගින් දිස්ත්‍රික්කය පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්පූර්ණ කර ජනගත කර ඇති අතර 2015 – 2018 දක්වා විවෘත කළ ව්‍යාපෘති සිය ගණනකට වැඩි ප්‍රමාණයකට අමතරව තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් මෙලෙස ජනතා අයිතියට පවරාදීම සිදුවෙයි.
එ යටතේ හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වැඩ අවසන් කළ ආගමික, අධ්‍යාපන, සෞඛ්‍ය සහ වෙනත් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පවරාදීමට නියමිතය. ඒ යටතේ නව සංවර්ධන ව්‍යාපෘති 60 ක් ජනගත කිරීම මැති ඇමතිවරුන්, විද්වතුන්, කලාකරුවන් ඇතළු පිරිසගේ සහභාගිත්වයෙන් සිදු වෙයි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පමණක් නොව දිවයිනේ සෑම පළාතකම මෙම යෝධ සංවර්ධන සංග්‍රාමය අරඹන බවයි. කොන්ක්‍රීට් සංවර්ධනයක් නොව ජනතාවගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ හද ගැස්ම හදුනාගත් ජනතාවාදී සංවර්ධනයක් වන එම වැඩපිළිවෙළ තුළින් මෙරට ජන ජිවිත සමෘද්ධිය කරා ගමන් කරනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
අද දින ජනගත කෙරුණු සංවර්ධන ව්‍යාපෘති අතරින් වැඩිම ප්‍රතිලාභයක් හිමිව ඇත්තේ රටේ අනාගතය භාරගැනීමට සූදානමින් සිටින දරු පරපුර වෙතයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ සියලූ පාසල් වෙත අලූතින් එක් කරන ලද සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සහ සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රුපියල් මිලියන 425 ක වියදමින් ඉදිකළ සේවාගම, ඕනෑගම ජල යෝජනා ක්රමයේ වැඩ ආරම්භ කිරීම නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, ඒ.එල්.එම්. හිස්බුල්ලා, පී. හැරිසන් යන අමාත්‍යවරුන් අතින් අද පෙරවරුවේ සිදු විය. පවුල් දෙදහසකට වැඩි පිරිසකට සෙත සැලසෙන මෙම ව්‍යාපෘතිය මාස 20 කින් නිම කිරීමට නියමිතයි.
එමෙන්ම ප්‍රදේශයේ පවුල් 250 කට සෙත සැලසෙන පූදුර් පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමද පූදර් මුස්ලිම් කණිෂ්ට විද්‍යාලයේ පංතිකාමර 08 කින් යුත් දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ද මෙම අමාත්‍යවරු අතින් සිදු කෙරිණි.
ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකමූණ මහසෙන් මහා විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගෙඩනැගිල්ල අමාත්‍යවරුන් වන දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් සෙනෙවිරත්න සහ වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඊ.එම්.පී ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරිණි.
ප්‍රතිසංස්කරණය කරන ලද කවුඩුලූවැව දේවාලය විවෘත කිරීම සහ නව විශ්‍රාමශාලාව ජනතා අයිතියට පවරාදීම අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න යන මහත්වරුන් අතින් සිදුවිය.
දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ද, මැදිරිගිරිය වාරි කළමනාකරණ ඒකකය විවෘත කිරීම ද මෙම අමාත්‍යවරු අතින් සිදු විය.
මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වඩිගවැව ප්‍රාථමික විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම, මීගස්වැව කණිෂ්ඨ විද්‍යාලයේ පංති කාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම ඇරඹීම සහ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රවණාගාරයක් සහිත පංති කාමර 08 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල සහ මණ්ඩලගිරිය මහා විද්‍යාලයේ නව ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරුනේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
හිගුරක්ගොඩ, රොටවැව සිංහල කණිෂ්ට විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සහ පේෂල බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙම් සිදුවිය.
මැදරිගිරිය තලාකොලවැව ප්‍රාථමික විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භකිරීම සහ කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සහ බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරුන් අතින් සිදු කෙරිණි.