ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අකුල් හෙලන නිලධාරීන් ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරනවා. එවැනි නිලධාරීන් සිටී නම් තොරතුරු ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/Eux8WoBAF7c”]
පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ තරුබිම පොකුරුගම ප්‍රදේශයේ ඉදිකෙරුණු ප්‍රජා ජල ව්‍යාපෘතිය විවෘත කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් පළකළා. ජිනසේන පෞද්ගලික සමාගමේ ප්‍රජා සත්කාරක වැඩසටහන රුපියල් ලක්ෂ 20 ක වියදමක් මේ සදහා දරා තිබෙනවා. වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශයක් වන තරුබිම, පොකුරුගම පවුල් 109 කට පමණ මෙමගින් පිරිසිදු ජලය සැපයෙනවා.
නලීන් ගනේගොඩ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ජල පිරිපහදු අංශය – එරන්දි කරුණාතිලක – තරුබිම ග්‍රාමනිලධාරී
[ot-video type=”youtube” url=”https://youtu.be/zNCFq3pI98Y”]