සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගය සදහා කණ්ඩායම හොඳ සූදානමකින් ඇතැයි ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. දකුණු අප්‍රිකාව සමග පවත්වා ඇති අවසන් එක්දින තරග නවයේදීම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා. දෙරට අතර දෙවන එක්දින තරගය පැවැත්වීමට නියමිත දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව එක්වූ අවසන් එක්දින තරග හයම පරාජයට පත්ව තිබීමත් කැපී පෙනෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු කුමාරට අද පැවැත්වීමට නියමිත තරගය අහිමිව ඇත්තේ ඇඟිල්ලේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. මේ අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අත්දැකීම් සමගින් සිය සැලසුම් දකුණු අප්‍රිකාව වෙනස්කර ඇති බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. එම සැලසුම් සදහා වෙනස් උපායමාර්ගික ක්‍රමයක් අනුගමනය කිරීම කණ්ඩායමේ අපේක්ෂාව වී තිබෙනවා. මෙම තරගය පැවැත්වීමට නියමිත දඹුල්ල ක්‍රීඩාංගනයට ඊයේ රාත්‍රියේ සිට වැසිබර කාලගුණයක් පැවතියා. එහෙත් වර්ෂාපතනයක් පැවතියේ නැහැ. කෙසේ වෙතත් මේ වනවිට තරගයට යහපත් කාලගුණයක් පවතිනවා.