ගාල්ලට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන බව අගමැති පවසයි
Related Articles
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඇතැම් මාධ්‍ය විවේචනය කරන්නේ එම ව්‍යාපෘති සැබැවින් දකින්නේවත් නැතිව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ලේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ජපාන ආයෝජනයකට අනුව ගාල්ලේ ඉදිකළ ලී ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි. ඒ තුළින් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
වජිර අබේවර්ධන, ආචාර්ය සරත් අමුණුගම යන අමාත්‍යවරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වුණා.