fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වර්ජනයේ වෙනසක් නැහැ – වෛද්‍යවරු කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 19:02

වර්ජනයේ වෙනසක් නැහැ – වෛද්‍යවරු කියයි

සැලසුම් කළ පරිදි තම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි යටි අරමුණ රාජපක්‍ෂ හස්තය යළි කරළියට ගෙන ඒම බව බොහෝ පාර්ශව පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ පටු අරමුණු වෙනුවෙන් රෝගීන් බිල්ලට ගනිමින් මෙවැනි වැඩවර්ජන ක්‍රියාවට නංවනුයේ රජයේ වෛද්‍යවරුන් සඳහා උපරිම සහන සලසා තිබෙන පසුබිමකයි. එනම් වෛද්‍යවරුන්ට ලබා දෙන පැමිණීමේ ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව සාමාන්‍ය වෛද්‍යවරයෙකුට රුපියල් 15,000කින් ද විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25,000කින් ද ඉහළ දැමීමට මහ භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව තිබෙනවා. එසේම රජයේ සියලුම වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව ලෙස රුපියල් 35,000ක් ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. හදිසි සේවා සඳහා පැමිණීම වෙනුවෙන් දැනට ගෙවන තිස් දහසක මුදල රුපියල් පනස් දහස දක්වා වැඩි කෙරුණා. විශේෂඥ වෛද්‍යවරුන්ට ගෙවන එම මුදල රුපියල් හැට දහස දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. සියලුම දීමනා සහිතව සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් එක් ලක්‍ෂ හැටහත් දහසක් පමණ වනවා. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් බව ද සඳහන්. මීට අමතරව රුපියල් ලක්‍ෂ 36 ක බදු සහන සහිත වාහන බලපත්‍රයක් ද හිමියි. රජය කොතෙකුත් මෙවැනි දීමනා ලබා දුන්න ද ඔවුන් සැබෑ ලෙසම අදාළ රාජකාරියේ නිරතවී ඇති බව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් නැහැ. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමට එරෙහි වන බව පවසමින් තම යටි අරමුණු ඉටුකර ගැනීමට අහිංසක ජීවිත බිල්ලට ගැනීම අතිශය අසාධාරණ බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්