fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් කිරීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 17:55

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් කිරීමට කැබිනට් අනුමැතිය

මන්නාරම මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.

කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුදබිමක් වන මඩු දේවස්ථානය බෞද්ධ සහ හින්දු ජනතාවගේ ද වන්දනාමානයට පාත්‍රවන විශේෂ ආගමික ස්ථානයක්. වාර්ෂික මඩු මංගල්‍යයේදී මෙන්ම වසර පුරාම වන්දනාකරුවන් ද දෙස් විදෙස් සංචාරකයින්ද මඩු දේවස්ථානයට පැමිණෙනවා. යුද සමයේ සිදුවූ දැඩි අලාභ හානි සහ දිගුකලක් තිස්සේ ප්‍රතිසංස්කරණ සිදුනොකිරීම හේතුවෙන් දේවස්ථානය අවට ප්‍රදේශය අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රවාහන , මහාමාර්ග , සනීපාරක්ෂක , ජල සැපයුම් ආදී පහසුකම් සංවර්ධනයටත් ප්‍රදේශයේ විශ්‍රාම ශාලා ඇතුළු නවාතැන් පහසුකම් සම්පාදනයටත් පියවර ගැනීමට ජනාධිපතිතුමා යෝජනාකර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 17:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්