වසර 66ක බ්‍රිතාන්‍ය රූ රැජිණ තේරීමේ තරග ඉතිහාසයේ ප්‍රථම වතාවට කළු ජාතික යුවතියක් රූ රැජිණ ලෙස කිරුළු දිනා ගත්තා. එම ඓතිහාසික වාර්තාව තැබුවේ 25 හැවිරිදි ඩී ඈන් කෙන්ටිෂ් රොජර්ස් යි. බ්‍රිතාන්‍යට අයත් නැගෙනහිර කැරිබියානු දූපතක් වන ඇන්ගුයිලා සම්භවයක් සහිත මේ යුවතිය පවසන්නේ, බ්‍රිතාන්‍ය වැනි සුදු ජාතිකයන්ගේ රටක රූ රැජිණක් වීම ගැන නිහතමානීව ආඩම්බර වන බවයි.
ඇයගේ ජයග්‍රහණයේ කැපී පෙනෙන කරුණ නම් එංගලන්තය, වේල්සය, අයර්ලන්තය වැනි බ්‍රිතාන්‍යට අයත් දූපත් සමුහයක රූප සුන්දරියන් 40ක් අතරින් ඇය මුල් තැනට පත්වීමයි.
ඩී ඈන් කෙන්ටිෂ් රොජර්ස් සත් ප්‍රයාම ක්‍රීඩා ශූරියක ද වනවා. ඒ අනුව ඇය බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ද සහභාගී වී තිබෙනවා.අධ්‍යාපනයට ද උපන් හපන්කම් ඇති ඩී ඈන් කෙන්ටිෂ් රොජර්ස් බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ බැරිස්ටර් විභාගය නිමකර තිබෙනවා.
රූ කිරුළ දිනා ගැනීමෙන් පසු ඇය මාධ්‍යට ප්‍රකාශ කළේ , කවුරුත් කියන්නේ කළු පාට අඳුරුයි කියල යි. එත් මම විශ්වාස කළා මගේ සමේ පාටට කවදාහරි වටිනාකමක් ලැබෙනවා කියල. අද එය සැබෑ වෙලා. මට මේ කිරුළ ලැබුණ එකෙන් පේනවා ජීවිතයේ පැහැය කළු නොවන බව. ඒ වගේම කළු ජාතික මව්වරුන්ට දැන් තම දියණියගේ පැහැය ගැන ආඩම්බර විය යුතු කාලය ද එළඹ තිබෙනවා යනුවෙනි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/Great-Britain-Dee-Ann-Kentish-Rogers.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/NINTCHDBPICT000421405247.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/DiTnXNYUcAASZML.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/kev-1680×1120.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/DiTnXNVUwAgDA_j.jpg”]
-ශානිකා රත්නායක-