සුනඛ සුරතලුන්ට පෙම් බඳින්නන්ට ‘DOGS DAYS’
Related Articles
ප්‍රකට සිනමා අධ්‍යක්ෂ Ken Marino ගේ අධ්‍යක්ෂණයක් ලෙසින් තිරගත වීමට නියමිත ‘DOGS DAYS’ සිනමාපටය පවුලේ විනෝදාත්මක හොලිවුඩ් ප්‍රහසනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඊවා ලොන්ගෝරියා, නීනා ඩොබ්රෙව්, වැනීසා හියුජන්ස්, ලෝරේන් ලැප්කස්, තෝමස් ලෙනන්, ඇඩම් පෑලී වැනි ප්‍රවීණ නළු නිළියන් මේ සඳහා රංඟනයෙන් සම්බන්ධ වී සිටිනවා.
ලොස් ඇන්ජලීස් නුවර ජීවත්වන තම හාම්පුතුන් ආදරයේ රැහැනින් බැඳීමට සුනඛයන් ගන්නා වෑයමක රසාලිප්ත අත්දැකීම් පෙළක් විඳීමට මේ සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙනවා.
මෙම සුනඛ සුරතලුන්ට පෙම් බඳින රසිකයන් බලාපොරොත්තුවෙන් සිටි සිනමා පටයක් වනු ඇතැයි විචාරකයන්ගේ මතයයි. සුනඛයන් සිව් දෙනෙක් , මිනිසුන් දොළහක් කියන කතාව ‘DOGS DAYS’ අගෝස්තු 10 වැනි දා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.