fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

96 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹීමට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 09:54

96 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹීමට සියල්ල සූදානම්

96 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ කිරීම සදහා සියළු කටයුතු සූදානම්කර ඇති බව ජාතික මලල ක්‍රීඩා සංගමය පවසනවා. ලබන 03 වැනිදා සිට කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ආසියා ක්‍රීඩා උළෙල සදහා අවසන් තේරීම් තරගාවලිය ද වනවා.

මෙවර තරගාවලියට ක්‍රීඩකයින් 596 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 175 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ඔවුන් ඉසව් 36 යටතේ තරග බිමට පිවිසෙනු ඇති. දින තුනක් පුරා පැවැත්වීමට නියමිත තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ද කොළඹ දී පැවැත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 09:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්