fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිසබය හැඩකරන සුරූපිනියන්

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2018 08:30

මැතිසබය හැඩකරන සුරූපිනියන්

සුන්දර කාන්තාවන් විසින් දේශපාලන කරළියේ පෙරළි ඇති කරනු ලබන බව ජාතික වගේම ජාත්‍යන්තර දේශපාලනය තුළින් දකින්න පුළුවන්. මේ කාන්තා දේශපාලනඥයන් රටේ ජනතාව තුළ ප‍්‍රබෝධයක් සහ උද්යෝගයක් ඇති කිරීම ඊට හේතුවනවා. දැනට ලෝකයේ සිටින සුන්දරතම සහ සරාගීම මන්ත‍්‍රීවරියන් සොයා කරන ලද සමීක්‍ෂණයක ප‍්‍රතිඵලයි මේ.

 

පාකිස්ථානයේ  හීනා රබානි
හීනා රබානි දැනට ලෝකයේ අංක එකේ වැජඹෙන සුන්දරතම දේශපාලනඥවරියක්. ඇය කලක් පකිස්ථානයේ විදේශ ලේකම් වශයෙන් ද කටයුතු කළා. එම තනතුර ලැබූ ලාබාලම කාන්තාව ලෙස හැඳින්වෙන්නේත් හීනායි. ඇය දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවත එන කාන්තාවක්.

 

 

ඊශ‍්‍රායලයේ  ඔර්ලි ලිවයි
ඊශ‍්‍රායලයේ ජනතාව කියන්නේ දෙවියන්වහන්සේ විසින් දේශපාලන ලෝකයට මවන ලද දේව දුතිය ඔර්ලි බවය. ඇගේ සුන්දර බව පමණක් නොව ඍජු බැල්මත් සදා නොමැකෙන සිනාවත්  ඕනෑම කෙනකු තිගස්වනවා. ඊශ‍්‍රායල මාධ්‍යවලට ඇය ඉතා හොඳ පුවත් මවන්නියකි. ඇය දේශපාලනයට පිවිසියේ කලක් ඊශ‍්‍රායල ගුවන් හමුදාවේ ද සේවය කිරීමෙන් අනතුරුවයි. ඇය කිසිම දිනෙක වයසට යන්නේ නැතැයි ඊශ‍්‍රායල මාධ්‍ය පවසයි.

 

 

ඉතාලියේ  මාරියා රොසේරියා කාර්ෆැග්නා
ඉතාලි මැති සබයේ පමණක් නොව ලෝකයේම සිටින සුන්දරම ඇමැතිවරිය වශයෙන් හැදින්වෙන්නේ මරියායි. උඩුකය නිරාවරණය කරගෙන පෙනී සිටි නිරූපිකාවක ලෙස ඇගේ ප‍්‍රතිරූපය මුලින්ම ජනතා සිත්සතන්හි රැඳිණි. එම නිසාම ඇගේ චරිතය නිරන්තයෙන්ම විවේචනයට බඳුන් වෙයි. එහෙත් මේ ගිිනි සිළුව තමන්ට එල්ලවන චෝදනා සියල්ල තදින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවයි  එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ඇලීනා කැබේවා
එක්සත් රුසියන්  පක්‍ෂයෙන් මැතිවරණයට තරග කොට,  මන්ත‍්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මේ සුරූපිණිය ජිම්නාස්ටික් ක‍්‍රීඩිකාවකි. ඇය මොන තරම් සුන්දර ළඳක්ද කියනවා නම්, හිම මිදෙන තරමේ සීතලකදී පවා ඇය දකින පිරිමියකු දහදියෙන් නැහැවෙන්නේ යයි කියැවෙයි.

 

 

පෝලන්තයේ  ජොඅන්නා කැබේවේ
පෝලන්ත මැති සබය කාන්තා සුවඳින් පිරී ඉතිරෙන්නට පටන් ගත්තේ ලූබින් නගරය නියෝජනය කරමින් ජොඅන්නා කැබේවේ එහි
පිවිසියාට පසුවයි. ඇය ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඞී. උපාධි ධාරිනියක්. ඇගේ සරාගී රුව නෙත ගැටුණ විට පිරිමි සිත් සසල වන්නේ නිමේෂයකිනුයි.

 

ඇස්ටෝනියාවේ   ඇනා මාරියා ගැලෝජාන්
ඇස්ටෝනියාවේ  ඇනා මරියා  දිව්‍යාංගනාවක බඳු රුවින් බැබළෙන දේශපාලනඥවරියක්. ඇය ෂේක්ස්පියර්ගේ කවියකින් වර්ණනා කෙරෙන ස්ත‍්‍රී රුවක් තරමටම සුන්දර බවින් අගතැන්පත්.මේ සුරූපී සරාගිනිය ඇස්ටෝනියාව සංවර්ධනය කරා ගෙන යන්නට සිය දේශපාලන බලතල යොදාගැනීම හේතුවෙන් ඇයට ජනතාවගේ බලවත් ප‍්‍රසාදය ලැබී තිබෙනවා.

 

 

කැනඩාවේ   රූබි දිහාලා
මෝස්තර රැජිණ ලෙසින් විරුදාවලි ලබා තිබෙන ඇය ඉන්දියාවේ ඉපදී කැනඩාවට සංක‍්‍රමණය වූ අයෙක් . 1993 දී ඇය රූප රාජිනී තරගයකින් දෙවැනි තැන ලබා ගත්තා.ඇය ජීවරසායන විද්‍යා උපාධිධාරිනියක්.දේශපාලනයට සම්බන්ධවීමට පෙර ඇය ”කියෝන්? කිස්ලියේ” චිත‍්‍රපටයේ රඟපා තිබෙනවා. ලෝකයේ සරාගීම දේශපාලන කාන්තාව ලෙස ඇය හැඳින්වීම වරදක් නැති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

 

 

පාකිස්ථානයේ   කාශ්මලා තාරික්
පාකිස්ථාන දේශපාලනඥවරියක වන කාශ්මලා ප‍්‍රසිද්ධව සිටින්නේ ආසියාවේ සරාගීම මන්ත‍්‍රීවරිය ලෙසයි. ඇය මෝස්තර ලෝකය තුළත්  ජනප‍්‍රිය චරිතයක්. පිරිමින් ගේ සිහින ලෝකවල ඇයට හිමි වී ඇත්තේ සුවිශාල ඉඩක්.මේ සරාගිනිය ලන්ඩනයේ ආර්ථික විද්‍යා පාසලේ උපාධිධාරිනියක්.

 

 

ලෙබනනයේ   සෙන්රිඩා ගීගී
මේ ලෙබනන් සුන්දරිය නුදුටු දෙනෙත් කුමකටදැයි සිතෙන තරමටම ඇය සුන්දරයි. විලාසිතා තෝරා ගැනීමට මනා හැකියාවක් ඇයට තිබෙනවා.මැද පෙරදිග පුරා ඇය ගැන ඇත්තේ ඉතා විශිෂ්ට ප‍්‍රතිරූපයක්. දේශපාලන විද්‍යා උපාධිය හිමි කර ගත් සෙන්රිඩා  දේශපාලනයට සම්බන්ධ වූයේ ඉන් පසුවයි.

 

 

යුක්රේනයේ  යුලියා ටයිමොෂෙන්කෝ
යුක්රේනයේ ප‍්‍රථම අගමැතිවරිය වීමට පෙර යුලියා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්. ඇය යුක්රේන දේශපාලන ක්‍ෂේත‍්‍රයට පය තැබුවේ ආර්ථික විද්‍යාව සඳහා පී.එච්.ඞී. උපාධිය ලබාගැනීමෙන් පසුවයි. ඇය අලුත් අලුත් විලාසිතාවලට දක්වන්නේ බලවත් ප‍්‍රියතාවක්. ලෝකයේ සරාගීම දේශපාලනඥවරියන් අතරින් අයෙකු ලෙස හැඳින්වෙන ඇය නිතරම පිරිමින් ගේ අවධානයට ලක් වන බවයි එරට මාධ්‍ය පවසන්නේ.

 

-ශානිකා රත්නායක-

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්