ඌව සහ නැගෙනහිර පළාත් වලතැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර බස්නාහිර පළාතේ සිහින් වැසි ඇතිවේ.
දකුණු පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. පුත්තලම සිට මීගමුව,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාව පවතී. මේ නිසා එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2018-07-29 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 34 | 25 | 85 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 34 | 26 | 85 | 55 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ | 30 | 26 | 85 | 75 | වැසි ස්වල්පයක් |
ගාල්ල | 29 | 26 | 90 | 80 | වැසි ස්වල්පයක් |
යාපනය | 33 | 26 | 85 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 28 | 22 | 90 | 70 | වැසි වාර කිහිපයක් |
නුවරඑළිය | 19 | 12 | 95 | 80 | වැසි වාර කිහිපයක් |
රත්නපුරය | 30 | 23 | 95 | 75 | වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමලය | 34 | 25 | 90 | 50 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මන්නාරම | 31 | 26 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව