හම්බන්තොට ප්‍රදේශයේ ළිදක සිර වී සිටි ඉබ්බන් සිය දෙනෙකු පමණ බේරා ගැනීමට වනජීවි නිළධාරින් සහ ප්‍රදේශවාසින් කටයුතු කලා. හම්බන්තොට කැටන්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක පිහිටි ළිදකයි මෙම ඉබ්බන් සිර වී සිටියේ. ප්‍රදේශවාසින් ඒ පිලිබද වනජීවි නිළධාරින්ව දැනුවත් කිරිමට කටයුතු කළා. ඒ අනුව වහා එම ස්ථානයට පැමිණි වනජීවි නිළධාරින් ප්රදේශවාසින්ගේ සහයෝගය ද ඇතිව ළිදේ සිර වී සිටි ඉබ්බන් ගොඩට ගැනිමට කටයුතු කලා. මෙම ඉබ්බන් නිරුපද්‍රිතව බුන්දල වනෝද්‍යානයේ ජලාශ්‍රීත ප්‍රදේශවලට මුදා හැරීමට කටයුතු කෙරුණා.