දීපිකා ප්‍රියදර්ශනි.. ලංකාවේ සංගීත ක්ෂේත්රයට අලුත් හැඩයක් එක් කළ ගායන ශිල්පිනියක්.
වෘත්තියෙන් ඇය ගායිකාවක වගේ ම සංගීත ගුරුවරියක්.
ඇයටම ආවේණික වුණ හඬ නිසාම දීපිකා ගේ බොහෝ ගීත ලංකාවේ රසිකයන් බොහොම ආදරයෙන් වැළඳගත්තා.
ඉතින් දීපිකා තමන් ගේ ජීවිතයේ අලුත්ම පියවරක් අරගෙන තිබෙනවා.
ඇයගේ විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කෙරුණේ පසුගිය 26 වනදායි.
දීපිකා ගේ අතගත් මනාලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි බැංකු නිළධාරියකු වන චාමික කුමාර මහතායි.
දීපිකාට ආදරය කරන රසික රසිකාවියන් හා හිතවතුන් විශාල ප්‍රමාණයක් මේ අලුත් ආරංචිය වෙනුවෙන් ඇයට සුභ පැතුම් එක්කර තිබූ අතර විවාහ මංගල්‍යය ලබන අගෝස්තුවේ පැවැත්වීමට නියමිතයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/deepika.png.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/33498896_1987328274644689_5268324047686467584_n.jpg”]