fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර ආණ්ඩුකාරවරයා මරණ දඬුවම අගය කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2018 15:11

බස්නාහිර ආණ්ඩුකාරවරයා මරණ දඬුවම අගය කරයි

රටේ තරුණ පිරිස මත්ද්‍රව්‍යයෙන් බේරාගැනීම සදහා ජනාධිපතිතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කිරීමත් ඒ සදහා මරණ දඩුවම ගෙන ඒම වැනි නීති පිළිබදව අවධානය යොමුකිරීමත් බෙහෙවින් අගය කළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පවසනවා. මහනුවර, බූලිවැලිකඩ, සිරිවර්ධනාරාම විහාරස්ථානයේ දී පැවති මහනුවර කථිකාවත වැඩසටහනට එක් වෙමිනුයි ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ. පූජ්‍ය පණ්ඩිත රබාවැවේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය ද, විද්වතුන් ඇතුළු  පිරිසක්ද මේ සදහා එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2018 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්