විදෙස් ගතව සිටින මෙරට ශ්‍රමිකයන්ගෙන් හයසිය දෙනෙකුට වැඩි පිරිසක් වසරකට මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/NosQCjAPOvI”]
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති හමුවකදීයි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ බව සදහන් කළේ. විදෙස් ගතව සිටින ශ්‍රමිකයන් මුහුණපාන ගැටලු හා ඊට ලබා දෙන විසදුම් පිළිබද විදේශ කටයුතු අමාත්‍යාංශය ගන්නා පියවර පිළිබද මෙහිදී දැනුවත් කෙරුණා. පොළොන්නරුව ප්‍රදේශයෙන් විදෙස් ගතව සිටින ශ්‍රමිකයන්ට කන්සියුලර් සේවා ලබා ගැනීම සදහා නව කන්සියුලර් කාර්යාලයක් පොළොන්නරුවට හදුන්වාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.