පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළා. ප්‍රහාරයෙන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 70ක්. අයි එස් ත්‍රස්තවාදි සංවිධානය එහි වගකීම භාර ගත්තා. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන අසූ පන් දහසක ඡන්ද විමසීම ඊයේ(25) ආරම්භ වුණා. මෙවර ඉම්රාන් ඛාන් ඉදිරියෙන් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.