ප්‍රවීන රංගන ශිල්පි ලින්ටන් සේමගේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
පාදඩයා, මගේ වම් අත , මී හරකා වැනි සිනමා නිර්මාණ සඳහා සිය දායකත්වය ලබා චුන් ලින්ටන් සේමගේ මහතා පසුව විදෙස්ගත වුණා.
සම්මානනීය රංගන ශිල්පියෙකු වන ඔහු අධ්‍යක්ෂණය කළ “ යූ“ සිනමාපටය සඳහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත් වූ ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම්මේකර් ෂෝකේස් සිනමා උළෙලේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනාගැනීමට ඔහු සමත් වී තිබෙනවා.
මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ග්‍රෝව් පැසිපික් තියෙටර්හිදීයි.
තුවක්කු භාවිතයෙන් සිදු වන ප්රචණ්ඩත්වය නිසා පීඩාවට පත්වන දරුවන් පිළිබඳව මේ චිත්‍රපටය ඔස්සේ විමසුමට ලක් වෙනවා.