කොළඹ ජාතික අධ්‍යාපන පොත් සල්පිල ඊයේ ඇරඹුණා.
කොළඹ මහජන පුස්තකාල සුභසාධක සංගමය විසින් මෙය සංවිධාන කරනු ලබනවා.
ප්‍රදර්ශනය සහ සල්පිල මේ මස 30 වන දින දක්වා දිනපතා උදෑසන 09 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට නියමිතය.
ඇතුල්වීම නොමිලේ පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනයේදී ග්රන්ථ දොරට වැඩීමේ වැඩසටහන්, විචාර විමසුම් ,අධ්‍යාපනික හා සමාජයීය වශයෙන් වැදගත් විවිධ වැඩසටහන් පැවැත්වෙනවා.