නීති විරෝධී ලෙස වැලි ප්රවාහනය කළ ට්රැක්ටර් හතරක් වව්නියාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් හතර දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි වව්නියාව පොලීසිය ප්රකාශ කළේ.
බලපත්ර නැතිව වැලි ප්රවාහනය කරමින් සිටියදී මෙම ට්රැක්ටර් අත්අඩංගුවට ගැනුනේ වව්නියාව වීරපුරම් ප්රදේශයේදීයි. වැලි ජාවාරම් සිදුවන බවට පොලීසියට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකළා. සැකකරුවන් වව්නියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.