අනිල් – ඓශ්වර්යා යළි එක් වෙයි?
Related Articles
මේ කියන්න හදන්නේ බොලිවුඩයෙන් ඇසෙන අලුත් ම ආරංචියක්.
අවුරුදු 19ට පසුව අනිල් හා ඓශ් එකට එක්ව රඟන “ ෆැනි ඛාන්“ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ට නුදුරේදීම දැක ගැනීමට හැකි වෙනවා.
හැබැයි මේ චිත්‍රපටයේ මේ දෙදෙනා රංගනයේ යෙදෙන්නේ පෙම්වතුන් විදියට නම් නොවෙයි.
2000 වසරේ තිරගත වු බෙල්ජියානු සිනමා නිර්මාණයක් වන “Everybodies Famous” සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි.
අතුල් මන්ජ්රේකර් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි අනිල් කපූර් හා ඓශ්වර්යා රායි සමඟ රාජ් කුමාර් රාවෝ, දිව්‍යා දත්තා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
“ ෆැනි ඛාන්“ ලබන අගෝස්තු 03වැනිදා තිරගත වීමට නියමිතයි.