සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නවක ක්‍රීඩකයින් තුන්දෙනෙකුගෙන් යුක්තව ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එක්දින තරග පහක් පැවැත්වීමට සැළසුම්කර ඇති දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තාරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ශ්‍රී ලංකාව අවසන් වරට එක්වූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම්කර සිටි ක්‍රීඩකයින් හත්දෙනෙකු මෙවර දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම්කර නැහැ.
ඒ අතර නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද වනවා. ඔවුන් වෙනුවට නම්කර ඇති සංචිතයේ 2016 වසරෙන් පසු දසුන් ශානකට අවස්ථාවක් ලබාදී තිබෙනවා. නවක පන්දු යවන්නන් ලෙස කසුන් රජිත හා ප්‍රභාත් ජයසූරිය සංචිතයට එක්ව සිටිනවා. නවක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස එක්ව ඇත්තේ ෂෙහාන් ජයසූරියයි. 2017 වසරෙන් පසු ලහිරු කුමාරට ද සංචිතයේ අවස්ථාව ලබාදී තිබෙනවා. තරග පහකින් යුත් දෙරට අතර පළමු එක්දින තරගය ලබන 29 වනදා දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.