සමස්ත ලංකා එල්ලේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට උදම්විට ගාමිණී කණ්ඩායම සමත් වුණා. ඔවුන්ට ලබා දුන් සම්මානය අඩි 23යි අඟලක උසකින් යුක්තයි. එය ගිනස් වාර්තා අතරට එක් කිරීම සඳහා අයදුම්කර තිබෙනවා. ගනේමුල්ල, පරකන්දෙනිය ශ්රී පැරකුම් ක්රීඩා පිටියේදී මෙම වසරේ පළමු සමස්ථ ලංකා එල්ලේ තරගාවලිය පසුගියදා පැවැත්වුණා.
ඊට ප්රමුඛ පෙලේ කණ්ඩායම් 140 ක් එක්ව සිටියා. තරගාවලියේ ශූරතාව උදම්විට ගාමිණී කණ්ඩායම දිනා ගත්තා. ඔවුන්ට පිරිනැමුණු අඩි 23යි අඟලක් උස මෙම සම්මානය ලෝකඩවලින් නිර්මාණය කර තිබෙනවා. අනුශූරතාව දිනා ගත් මුහුදුකටුව ප්රාතිමා කණ්ඩායමට ලබා දුන් අනුශූරතා කුසලානය ද අඩි 18ක උසකින් යුක්තයි.