ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.
ජුලි මස 24 වන දින සිට ජුලි මස 26 වන දින දක්වා කාලයේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 3.0 – 3.5 ක් පමණ (මෙය ගොඩබිමට පැමිණෙන රළ උස නොවේ.) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වනවෙරළබඩ ප්‍රදේශවල මුහුද රළු වන අතර මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් (විශේෂයෙන් වඩදිය පවතින විටදී) පවතී.කොළඹ සිටගාල්ලහරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.පුත්තලම සිට මීගමුව,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවීමේ හැකියාව පවතී.මේ නිසා එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.