රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්ත වුණා.
හදිසි තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මහනුවර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා 37 වන වියේ පසුවුණා. රංගන ශිල්පියෙකු ලෙස ටෙලි නාට්‍ය රැසකට දායකත්වය දැක්වූ ඔහු ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කළා. දේහය පිළිබඳ අවසන් කටයුතු මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ දී හෙට සිදු කිරීමට නියමිතයි.